අනුරාධපුර
පිරිවෙන් පුස්තකාල
සංවර්ධන වැඩ පිළිවෙළේ
අනුරාධපුර
පිරිවෙන් පුස්තකාල
සංවර්ධන
වැඩ පිළිවෙළේ
පස්වැනි අදියර ඇරැඹෙයි
2012 බිනර පෝ දා පින්කම්
PIRIVEN PUSTHAKALA
SANWARDHANA
WEDAPILIWELA
පිරිවෙන්
පුස්තකාල සංවර්ධන වැඩපිළිවෙළ
මහාවිහාර බිනර පුන් පොහොය වැඩසටහන මෙම 2012 සැප්තැම්බර් මස 29 දිනට යෙදුණු බිනර පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර
ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි.
මහාවිහාර පුන් පොහොය වැඩසටහන මඟින් ක්‍රියාත්මක
කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන
වැඩපිළිවෙළේ පස්වැනි අදියර මෙදින ඇරැඹිණි. මෙහි දී තලාව ඥානෝදය පිරිවෙනේ පුස්තකාලය
සඳහා එහි පරිවෙණාධිපති ස්වාමින් වහන්සේ වෙත අනුරාධපුර මහාවිහාර සංඝ
සභාවේ සභාපති,
අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ
ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ විසින් රුපියල්
පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමන ලදී.
මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා
උපදේශක රෝහිත විජයතිලක මහතා ද ඡායාරූපයේ සිටියි.
මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි
වන උවසු උවැසියන් සහ කඩුවෙල කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට
සහභාගි වන සිල්මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දැක්වූහ.
VAP PO da
PINKAM October 2012
2012 වප් පෝ දා පින්කම්
PIRIVEN PUSTHAKALA SANWARDHANA WEDAPILIWELA
අනුරාධපුර පිරිවෙන් පුස්තකාල
සංවර්ධන වැඩ පිළිවෙළේ
සයවැනි අදියර ඇරැඹෙයි
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වෙන මහාවිහාර පුන් පොහොය වැඩ සටහන මඟින් ක්‍රියාත්මක කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සයවැනි අදියර වප් පුන් පොහෝ දින ඇරැඹිණි.
මෙහි දී අනුරාධපුර
පූජා නගරයේ ශ්‍රී මහා මහින්ද පිරිවෙනෙහි පුස්තකාලය සඳහා අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන
සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්
වහන්සේගේ අතින් රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමන ලදී.
ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ පිහිටි සන්නිපාත ශාලාවේ දී සිදුකරන ලද මෙම පුස්තකාල පොත් පිරිනමන ලද
අවස්ථාවට මහාවිහාර පොහොය වැඩ සටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා ද සහභාගි විය.
මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සහ කඩුවෙල, කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීන් සමඟ පන්නිපිටිය, මාකුඹුර පදිංචි ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා අනුග්‍රහය
දැක්වී ය.
මහාවිහාර පොහොය වැඩ සටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතාගේ
උපදෙස් පරිදි පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළ සංවිධාන කරන ලදී.