Friday, May 29, 2015

PADAVEETHIHARA PUJA September 2012

  BINARA PO da PINKAM September 2012
2012 බිනර පෝ දා පින්කම්
 Anuradhapura Jaya Siri Maha Bo Samindun Abiyasa di
අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී
2012 බිනර පෝ දා   
PADAVEETHIHARA PUJA
පදවීතිහාර පූජා

මහාවිහාර බිනර පුන් පොහොය වැඩසටහන මෙම 2012 සැප්තැම්බර් මස 29 දිනට යෙදුණු බිනර පුන් පොහෝදින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි.
මෙම පොහොය වැඩසටහනේ විශේෂ අංගයක් ලෙස අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පදවීතිහාර පූජාවක් පැවැත්විණි.
බිනර පුන් පොහෝ දින පස්වරු 5.15ට අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී පදවීතිහාර පූජාව පැවැත්විණි. මෙහි දී මහාවිහාර පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියෝ තබන තබන පියවරක් පාසා බුදුගුණ මෙනෙහි කරමින් ජය සිරි මහ බෝ සමිඳුන් පැදකුණු කළහ.

පොහොය වැඩසටහන සහ පදවීතිහාර පූජාව මෙහෙයවන ලද්දේ මහාවිහාර පොහොය වැඩ සටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

Friday, May 22, 2015

අපේ පින්පොත 2009 - 2014

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIUVel54ygi3U3njasiH9I2lyirsKO6hPkdbH9M8RGjg3rPe85Tl4luJ5m95nAC5oAlAsDq1U937I5fOqmVBLqBtfD55R2b0p24sAImhdB1AM9tdox-v_RF9PNdlarG1V076aZ0bYaTr0/s1600/SP_A0368+std.jpg
 
මහාවිහාර පොහොය වැඩ සටහන මඟින්
අවතැන් වූවනට ආධාර
2013 වසරේ අනුරාධපුරයට ඇදහැළුණු මහවැසි හේතුකොටගෙන මල්වතු ඔය පිටාර ගැලීමෙන් අවතැන් වී, අනුරාධපුර පූජා නගරයේ පිහිටි පූර්වාරාම විහාරයේ පිහිටුවන ලද කඳවුරේ නවාතැන්ගෙන සිටි පවුල් 28කට, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වෙන මහාවිහාර පුන් පොහොය වැඩ සටහන මඟින් දත්බෙහෙත් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කරන ලදී. මහාවිහාර පොහොය වැඩ සටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා අනුරාධපුර පූර්වාරාම විහාරයේ දී මෙම පරිත්‍යාග භාරදුන්නේ ය.
අනුරාධපුර පූර්වාරාම විහාරයේ පිහිටි අවතැන් වූවන්ගේ කඳවුරේ ශුභසාධනය බාර ව කටයුතු කරන අනුරාධපුර ශුද්ධ නගරයේ ග්‍රාම නිලධාරි කේ. ජී. චන්ද්‍රසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ ගරු සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩ පිළිවෙළ සංවිධාන කරන ලදී.
මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සමඟ කඩුවෙල, කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දැක්වූහ. 
16

Friday, May 15, 2015

අන්තර්ජාලය‍ෙන්

බොදු දරුවෝ - Bodu Daruwo
අනුරාධපුර ජය සිරි මහ බෝධිය
බිනර පොහෝ දින පෙරවරු 8. 00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පරිදි පොහොය වැඩසටහන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා සමඟ පැවැත්වේ.
පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වෙන අතර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8. 00 සිට පෙරවරු 10. 00 තෙක් භාවනා වැඩසටහන පැවැත්වේ.
පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

2013 July » Dhammikaweb
www.dhammikaweb.com/?m=201307&paged=2
22

Esala Pohoya Day is Today (22nd July 2013)

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජූලි 22 වනදා සඳුදා
අද  ඇසළ පුනු පොහෝ දිනය යි. බුද්ධ, ධම්ම සහ සංඝ යන රත්නත්‍රය ලොව පහළ වූ දිනය අද යි. තුසිත දෙව්ලොව දීදේවතාරාධනයෙන් පසු පස්මහ බැලුම් බලන ලද බෝසතාණන් වහන්සේ දඹදිව මධ්‍යදේශයෙහි කපිල වස්තු පුරයෙහි සුද්ධෝදන රජතුමාගේ අගමෙහෙසිය වූ මහාමායාදේවිය කුස පිළිසිඳ ගන්නා ලද්දේ අද වැනි ඇසළ පුර පොහෝ දිනයක ය.

ඇසළ පුන් පොහෝ දිනයෙහි සිදු ව ඇති ඉතා උතුම් සිදුවීම් රාශියක් පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයේ ඉතා මැනැවින් විස්තර කොට තිබේ.
එමෙන්ම ගිහි ගෙය පිළිබඳ දැඩි කලකිරීමට හේතු වූ සතරපෙර නිමිති දැකඅභිනිෂ්ක්‍රමණය කිරීම සිදු වූයේ ද ඇසළ පුර පොහෝ දිනයක ය.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් පමණ වූමහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් යුතු ව අජාසත් රජුගේ දායකත්වය ඇති ව ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරනු ලද්දේ ද ඇසළ පුරපොහෝ දිනයේ ය.
බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහරජතුමා විසින් රුවන්මැලි මහා සෑ රදුන් ඉදිකරවීම සඳහා මුල්ගල තබන ලද්දේ ද ඇසළ පොහෝ දිනයක දී බව සඳහන් වේ.


Jul 21

ඇසළ පුර පසළොස්වක පෝදා පින්කම් – 22 July 2013

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

 මහාවිහාර ඇසළ පුන් පොහොය වැඩසටහන ජූලි මස 22 දිනට යෙදෙන පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්වෙන පොහොය වැඩසටහන 8.00ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මෙදින ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පොහොය දිනට පසු දින මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පෙරවරු 8.00 සිට 10.00 දක්වා භාවනා වැඩසටහන පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.

2013 July » Dhammikaweb

www.dhammikaweb.com/?m=201307&paged=2

ඇසළ පුර පසළොස්වක පෝදා පින්කම් – 22 July 2013

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

 මහාවිහාර ඇසළ පුන් පොහොය වැඩසටහන ජූලි මස 22 දිනට යෙදෙන පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්වෙන පොහොය වැඩසටහන 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මෙදින ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පොහොය දිනට පසු දින මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පෙරවරු 8.00 සිට 10.00 දක්වා භාවනා වැඩසටහන පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.

pansala1

www.divaina.com/2013/06/24/pansala03.html
2013 ජූනි 24



මහාවිහාර ධර්ම සංග්‍රහය 4 එළිදකී

2012 දී පළකරන ලද අනුරාධපුර මහාවිහාර දහම්පත් පොතක්‌ වශයෙන් අනුරාධපුර ජයසිරි මහ බෝ සෙවණේදී වෙසක්‌ පුන්පොහෝ දින එළිදැක්‌විණි. දහම්පත් 39 ක්‌ ඇතුළත් මෙම දහම් පොත මහාවිහාර ධර්ම සංග්‍රහය 4 ලෙස නම් කොට ඇත.

වෙසක්‌ පුන්පෝ දින පෙරවරුවේ දී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස පිහිටි මහාවිහාර සන්නිපාත ශාලාවේදී මහාවිහාර ධර්ම සංග්‍රහය 4 එහි සංස්‌කාරක රෝහිත විජයතිලක මහතා විසින් මහාවිහාර සංඝ සභාවේ ගරු සභාපති, අනුරාධපුර අටමස්‌ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගන්වන ලදී. මෙම දහම්පත් අතරෙන් 2009, 2010 සහ 2011 වර්ෂවල දී පළකරන ලද අනුරාධපුර මහාවිහාර දහම්පත් ඇතුළත් කොට සකස්‌ කරන ලද මහාවිහාර ධර්ම සංග්‍රහය 1, 2 සහ 3, 2010 සහ 2012 වර්ෂවල දී එළිදක්‌වන ලදී.
Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

ACADEMIC 2013 06 19 http://www.lakehouse.lk ...

<year>2013</year><month>06</month><day>19</day></date><link>http://www.lakehouse.lk/alokoudapadi/2013/06/19/_art.asp?fn=a13061912</link><topic> 55 වැනි මහාවිහාර පොහොය වැඩසටහන පොසොන් පුන් පෝ දා අනුරාධපුර ජය සිරි මහ බෝ සෙවණේ දී</topic><content> මහාවිහාර පොසොන් පුන් පොහොය වැඩසටහන මෙම 2013 ජුනි මස 23 දිනට යෙදෙන පොසොන් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන 55 වැනි විධිමත් මහාවිහාර පුන් පොහොය වැඩසටහන මෙය යි. පොසොන් පුන් පොහෝ දින පෙරවරු 8.00ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනය පැවැත්වේ. මෙම පොසොන් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ,බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. ජුනි මස 24 වැනිදා, එනම් පොසොන් පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී භාවනා වැඩසටහන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි. පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වීම වෙනුවෙන් කිසි ම මුදලක් අය නොකැරෙන අතර සියලු ම පහසුකම් නොමිලයේ ලබාදෙනු ලැබේ.

                         

Daily News Online
Ad Space Available Here
Friday, 24 August 2012
dailynews
 ONLINE


OTHER LINKS
Marriage Proposals
Classified
Government Gazette

Dhamma books for Pirivenas

A programme has been launched to provide Dhamma books for the libraries of Pirivenas in the Anuradhapura District under the patronage of the Mahavihara Poya day Religious Observances Programme administered by the Anuradhapura Jayasri Maha Bodhi temple.

Atamasthanadhipathi and North Central Chief Sangha Nayaka Ven. Dr. Pallegama Siriniwasa Nayaka Thera hands over a parcel of books to Head of the Horowapathana Sidharthodaya Pirivena and to the Lankarama Chaityadhipathi Ven. Ralapanawe Dhammajothi Nayake Thera. Picture by Nimal Wijesinghe, Anuradhapura Add. District Group Cor
Adviser and instructor of the programme Rohitha Wijetilake told the Daily News that priority is being given to Pirivena educational institutes which lack educational resources. He said that the book distribution programme was being implemented on the advice of Atamasthanadhipathi and North Central Chief Sangha Nayake Ven. Dr. Pallegama Siriniwasa Nayaka Thera. The third phase of the distribution programme was inaugurated on the last Nikini Poya day.

Produced by Lake House Copyright © 2012 The Associated Newspapers of Ceylon Ltd.
Comments and suggestions to : Web Editor

Niroshan Weerapurage
Oct 21, 2010

වප් පෝදා දවස පුරා පින්කම්

අනුරාධපුර මහා විහාරය

මහාවිහාර සංඝ සභාවේ සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ඔක්තෝබර් මස 22 වන දින පැවැත්වෙන මහාවිහාර පොහොය වැඩසටහන මෙසේ ය. පුන් පෝ දින පෙරවරු 06.00 – 06.30 ජයසිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 06.30 – 07.00 බුද්ධ පූජාව, 08.00 – 08.30 මහාවිහර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය, 08.30 – 09.15 ධර්ම දේශනය, 09.15 – 10.00 භාවනා - මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 10.30 – 11.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බුද්ධ පූජාව, 11.00 – ප.ව. 12.30 දවල් දානය, සහ පුණ්‍යානුමෝදනාව පස්වරු, 12.30 – 01.00 මහා විහාර සන්නිපාත ශාලාවේ දී ජාතක කතා දේශනාව - කිරින්දේ ඥානදර්ශන හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, 02.00 – 02.30 ශීල ආවර්ජනය, 02.30 – 03.30 භාවනා, 04.00 – 05.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ධර්ම දේශනය, 05.15 – 06.00 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා, 06.30 – 07.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 07.30 – 08.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී ධර්ම දේශනය, 08.30 – 09.30 භාවනා, 09.30 – 10.00 පිරිත් සජ්ඣායනය. පුන් පෝ දිනට පසු දින පෙ.ව. 05.00 – 05.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී භාවනා 06.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී සිල් පවාරණය.

--
ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
-------------------------------------------------------------