Friday, May 22, 2015

අපේ පින්පොත 2009 - 2014

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIUVel54ygi3U3njasiH9I2lyirsKO6hPkdbH9M8RGjg3rPe85Tl4luJ5m95nAC5oAlAsDq1U937I5fOqmVBLqBtfD55R2b0p24sAImhdB1AM9tdox-v_RF9PNdlarG1V076aZ0bYaTr0/s1600/SP_A0368+std.jpg
 
මහාවිහාර පොහොය වැඩ සටහන මඟින්
අවතැන් වූවනට ආධාර
2013 වසරේ අනුරාධපුරයට ඇදහැළුණු මහවැසි හේතුකොටගෙන මල්වතු ඔය පිටාර ගැලීමෙන් අවතැන් වී, අනුරාධපුර පූජා නගරයේ පිහිටි පූර්වාරාම විහාරයේ පිහිටුවන ලද කඳවුරේ නවාතැන්ගෙන සිටි පවුල් 28කට, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වෙන මහාවිහාර පුන් පොහොය වැඩ සටහන මඟින් දත්බෙහෙත් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කරන ලදී. මහාවිහාර පොහොය වැඩ සටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා අනුරාධපුර පූර්වාරාම විහාරයේ දී මෙම පරිත්‍යාග භාරදුන්නේ ය.
අනුරාධපුර පූර්වාරාම විහාරයේ පිහිටි අවතැන් වූවන්ගේ කඳවුරේ ශුභසාධනය බාර ව කටයුතු කරන අනුරාධපුර ශුද්ධ නගරයේ ග්‍රාම නිලධාරි කේ. ජී. චන්ද්‍රසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
අනුරාධපුර මහාවිහාර සංඝ සභාවේ ගරු සභාපති, අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩ පිළිවෙළ සංවිධාන කරන ලදී.
මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් සමඟ කඩුවෙල, කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දැක්වූහ. 
16

No comments:

Post a Comment