2012 බිනර පෝ දා පින්කම්
Anuradhapura Jaya Siri Maha Bo Samindun Abiyasa di
අනුරාධපුර ජය සිරි මහ බෝ
සමිඳුන් අබියස දී
BINARA PO da
2012 බිනර පෝ දා
PADAVEETHIHARA
PUJA
පදවීතිහාර පූජා
මහාවිහාර බිනර පුන් පොහොය වැඩසටහන මෙම 2012 සැප්තැම්බර් මස 29 දිනට යෙදුණු බිනර පුන් පොහෝදින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි.
මෙම
පොහොය වැඩසටහනේ විශේෂ අංගයක් ලෙස අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ
ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පදවීතිහාර පූජාවක්
පැවැත්විණි.
බිනර පුන් පොහෝ දින පස්වරු 5.15ට අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී පදවීතිහාර
පූජාව පැවැත්විණි. මෙහි දී මහාවිහාර පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියෝ
තබන තබන පියවරක් පාසා බුදුගුණ මෙනෙහි කරමින් ජය සිරි මහ බෝ සමිඳුන් පැදකුණු
කළහ.
පොහොය
වැඩසටහන සහ පදවීතිහාර පූජාව මෙහෙයවන ලද්දේ මහාවිහාර පොහොය වැඩ සටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.
No comments:
Post a Comment